Stories About Us

2018.11.30 දින අතිගරු ජනාධිපතිතුමන්ගේ පුද්ගලික ලේකම් මහවැලි හා පරිසර අමාත්‍ය මහින්ද රත්නායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අරලගන්විල 8 කණුව විජයභාපුර හන්දියේ අභිනවයෙන් ඉදිකිරීම් ආරම්භ කරන ලද සමාධි පුදු පිළිම වහන්සේගේ මුල්ගල් තැබීම , බෝධීන්වහන්සේගේ අංකුරයක් රෝපණය කිරීම , පැළ වර්ග බෙදා දීමෙි මහෝත්සවය සදහා බණ්ඩාර මෙටල් ක්‍රෂර් ඇන්ඩ් කන්ස්ට්‍රක්ෂන් පුද් සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂතුමන් විසින් මූල්‍යමය හා ද්‍රව්‍යමය ආධාර ලබා දුන් අවස්ථාව

මුරුංගා විකුණලා කුඩා කල පොත්පත් ලබාගෙන අධ්යාපනය හැදෑරූ ඔහු ඊයේ දිනද පාසැල් 04ක ළමුන් සඳහා රුපියල් ලක්ෂ පහක් පමණ වටිනා සියලුම අභ්යාස පොත් ලෝබ නැතිව සිව්වන වරටද බෙදා දුන්නා. මෙවරත් බතලයාය මහා විදුහලේ දී එම මහඟු සමාජ සත්කාරය ඌව පළාත් ගරු අමාත්ය අනුර විදානගමගේ මැතිදුන් සහ සම්භාවනීය අමුත්තන්ගේ සහභාගීත්වයෙන් උත්සවාකාරයෙන් සිදු කල අතර ,දැන් ඔහු ප්රදේශයේ දරුදැරියන්ගේ “පොත් මාමා” වී හමාරය .වර්තමානයේ විශිෂ්ට ව්යවසායකයෙකු ලෙස අප ප්රදේශයේ බොහෝ පිරිසක ට රැකියා අවස්ථා රැසක් ලබා දෙමින් ව්යාපාර ගණනාවක නියැලෙන bandara metal crusher අධිපති Dasanayaka Bandara

බණ්ඩාර මෙටල් ක්‍රෂර් ඇන්ඩ් කන්ස්ට්‍රක්ෂන් පුද් . සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂතුමාගේ ප්‍රධානත්වයෙන් හා කාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් 2018.10.19 දින බතලයාය රෝහලේ පැවති ගර්භණී මාතෘ සායනය සදහා තේ පැන් සංග්‍රහයක් පිරිනැමු අවස්ථාව

තම ජන්ම දිනය නිමිති කොට ගෙන මහ සඟරුවනේ ආශිර්වාදය ලබා ගෙන හිත මිතුරන්ට දෙමව්පියන්ට මෙන්ම ,තම ආයතනයේ සේවක සේවිකාවන් අගයනු වස් ප්‍රණාම සහ සේවා පත්වීම් සහතික ලබා දී ,පසුගියදා සොරබොර ගෙදර හෝටලයේ දී සුහද හමුවක් පැවැත් වූ අපේ කාලයේ ,අපේ ගමේ විශිෂ්ට ව්‍යවසායකයාණන්,
බණඩාර මෙටල් ක්‍රශර් ප්‍රයිවට් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක බණ්ඩාර මැතිතුමණි ඔබට චිරං ජයතු..!!!

දෑහිතකාමී සම්මාන උපාධි සරසවි ආයතනයේ 
ගරු සහකාර ලේකම්තුමා,ජාත්‍යන්තර ව්‍යාපාර ප්‍රදිපය, ගරු විරුදාවලී නම්බුනාම සම්මානයෙන් පිදුම් ලැබූ අවස්ථාව……

”ජාත්‍යන්තර ව්‍යාපාර ප්‍රදීපය” ගෞරවනාම සම්මාන උපාධි සන්නස් පත්‍රය මල්වතු මහාවිහාර පාර්ශවයේ අනුනායක පණ්ඩිතාචාර්ය නියංගොඩ විජිතසිරි නාහිමිපානන් වහන්සේ විසින් ප්‍රදානය කල අවස්ථාව

බතලයාය කොලොංයාය ග්‍රාමයේ අනෝමා මහත්මියගේ ඉදිවෙමින් පවතින නව නිවසේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කරන අවස්ථාව

මියුගුණ පුරවරයේ ශ්‍රි සුමන මහමෙව්නා භාවනා අසපු භූමියේ අභිනවයෙන් ඉදිකිරීමට නියමිත

* ශ්‍රි ගෞතම බෝධි මණ්ඩපය 
* ශ්‍රි ගෞතම විහාර මන්දිරය 
* සැදැහැවතුන් 5000කට පමණ සුවසේ ධර්මය ශ්‍රවනය කළ හැකි ධර්ම ශාලාව ඉදිකිරීම සදහා

2018.05.29 වන පොසොන් පොහෝ දින මුල් ගල තැබීමේ පුන්‍ය කටයුත්ත සදහා බංඩාර මෙටල් ක්‍රෂර් ඇන්ඩ් කන්ස්ට්‍රක්ෂන් පුද් . සමාගම විසින් එහි භූමිය සකස් කරන අවස්ථාව

2018.03.20 වන දින බතලයාය යාය කොටසේ යාය ගම්මාන මාර්ගය බණ්ඩාර මෙටල් ක්‍රෂර් ඇන්ඩ් කන්ස්ට්‍රක්ෂන් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ පුර්ණ අනුග්‍රහය මත ABC අතුරා ප්‍රතිසංස්කරණය කළ අවස්ථාව

 

මොරගහකන්ද- කලුගග සංවර්ධන කටයුතු සදහා අවශ්‍ය මෙටල් ලබා ගැනීම සදහා චීන සමාගමේ නියෝජිතයන් දෙදෙනකු අප ආයතනයේ සංචාරය කළ අවස්ථාව (2017.12.22)

 

චීන ශ්‍රී ලංකා සහයෝගිතාවය සංකේතවත් කරමින් 2017.12.07 දින චීනයේ Jiaozuo Zhongxin Heavy Industrial Machinery co.ltd සමාගමේ නියෝජිතයන් බණ්ඩාර මෙටල් ක්‍රෂර් ඇන්ඩ් කන්ස්ට්‍රක්ෂන් පුද්. සමාගමේ ඉදිකරන නව ක්‍රෂරය නැරඹීම සදහා පැමිණි අවස්ථාව ….
……………………………….සහ …………………………..
bmc spare parts showroom මහියංගණ ශාඛාව චීනයෙන් භාණ්ඩ ගෙන්වා බෙදාහැරීමේ අලෙවි නියෝජිතයකු ලෙස තෝරා ගැනීම සදහා එහි චීන නියෝජිතයන් සංචාරය කළ අවස්ථාව

 

Close Menu